මධ්‍යම අධිවේගයෙන් හොරා කෑම වළකන කොන්දේසියක් නිසා පැයෙන් නුවර යන සිහිනය තව අවුරුදු පහක් ඈතට යයි!

March 26, 2019 at 2:31 pm | by admin

මේ වසරේ අගෝස්තු මස වන විට ඉදිකිරීම් කටයුතු නිමා කිරීමට සැලසුම් කළ මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සඳහා තවත් වසර 4-5ක් ගතවනු ඇති බව වාර්තා වෙයි.

මෙම ඉදිකිරීම් කඩවත-මීරිගම, මීරිගම-පොතුහැර, පොතුහැර-ගලගෙදර ලෙස අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර දේශීය ඉදිකිරීම්කරුවන්ට ලබා දුන් මීරිගම-පොතුහැර කොටසේ ඉදිකිරීම් කටයුතු 95%ක් පමණ අවසන් කළ ද චීන සහ ජපන් සමාගම් භාරගත් සෙසු කොටස් දෙකේ ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදුවීම මෙම ප්‍රමාදයට හේතු වී තිබේ.

පොතුහැර ගලගෙදර කොටස සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට ජපන් රජය එකඟ වුවද ඒ සඳහා පනවා ඇති කොන්දේසී නිසා ණය මුදල ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි පැවසෙයි. ඒ මෙම ව්‍යාපෘතියේ අල්ලස් වංචා දූෂණ අක්‍රමිකතා වාර්තා වුවහොත් ව්‍යාපෘතිය නතර කර දමා අදාළ මුදල අය කර ගැනීමට ජපන් බේරුම්කරණ නීතිය යටතේ ක්‍රියා කරන බවට පනවා ඇති කොන්දේසියයි.

මෙම කොන්දේසියට එකඟ වුවහොත් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඔස්සේ කිසිදු මුදලක් වංචා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත. එවැනි පසුබිමක අධිවේගී මාර්ගය ඉදි නොකර සිටීම මැනවැයි බලධාරීන් තීරණය කොට ඇති බව එම කොන්දේසිවලට එකඟ නොවී කල් මැරීමෙන් තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *