මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ප්‍රමුඛයා ලතීෆ්ට සේවා දිගුවක්!

February 5, 2019 at 3:51 am | by admin

ඊයේ විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ්ට ජනාධිපතිවරයා වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.

පසුගිය මාස කිහිපයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ඔහු දැක්වූ දායකත්වය මෙම සේවා දිගුව ලබා දීමට හේතු වී තිබේ.

41ක් වසරක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ ලතීෆ් පසුගිය වසර කිහිපයේ එහි අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. මෑත කාලයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ලතීෆ් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්දනයට නායකත්වය ලබා දුන්නේය.

පසුගිය මාස 6 ඇතුළත හෙරොයින් කිලෝ ග්රෑැම් 798ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ඔහුගේ නායකත්වය යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *