මට සතයක වැටුප් වැඩි වීමක් නෑ… පහළ නිලධාරීන්ට දැන් මට වඩා පඩි ලැබෙනවා..! – මහ බැංකු අධිපති…

March 22, 2024 at 11:33 am | by emanisa.lk

මෑතකාලීන මහ බැංකු වැටුප් වැඩිවීමෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස තමාට කිසිදු වැටුප් වැඩිවීමක් සිදුව නැතැයි ද තම වැටුප් වැඩි වීම බින්දුව බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මෙම වැටුප් සංශෝධනය අදාළ වන්නේ නියෝජ්‍ය අධිපති මට්ටම දක්වා පමණක් බවත්, මේ වැටුප් සංශෝධනයෙන් මහ බැංකු අධිපති ලෙස තම වැටුප පහළ ශ්‍රේණිවල ඇතැම් නිලධාරීන් ඇතුළු බොහෝ මහ බැංකු කාර්ය මණ්ඩලයට වඩා අඩු වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

“වෘත්තීය මහ බැංකුකරුවකු වශයෙන් මගේ දැනුම සහ පළපුරුද්ද උපයෝගී කර ගනිමින් ආර්ථිකය මුහුණ දී ඇති දරුණුම අර්බුදයෙන් එය ගොඩගැනීම සඳහා ඇති කැමැත්ත නිසා මම මේ තනතුර භාර ගත්තා. ඒ නිසා මගේ වැටුප ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ.” යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *