මට බැඳීම් යාන වාහන තියා ගෙයක්වත් නෑ..! ජනාධිපතිවරණයට එන්න සූදානම්…! – රංජන්…

September 7, 2022 at 9:17 am | by emanisa.lk

ලංකාවේ භාගයක් සිටින්නේ හොරු නිසා හොරු සමග ඉපදුණු නිසා හොරු සමග ජීවත් වන්නට තමන්ට ද සිදුව ඇතැයි රංජන් රාමනායක පවසයි.

තමා ද විලියම් කුමරු මෙන් බකිංහැම් මාළිගාවේ උපදින්නට කැමති බව ද හෙතෙම සඳහන් කරයි.

තමා සිටි පක්ෂ තේරීම් මණ්ඩලයක ආසන සංවිධායකවරුන් ලෙස පත් කළේ අනික් පක්ෂයේ සිටින මැරයින්ට සහ කුඩ්ඩන්ට වඩා ප්‍රබල මැරයින් සහ කුඩ්ඩන් බවයි, රංජන් අනාවරණය කළේ.

ජනතාව යාළු වී සියලු පාලකයින් එළවා දැමිය යුතු බවත් තමන්ට බැඳීම්, වාහන හෝ නිවාස නොමැති බවත් ජනතා ඉල්ලා සිටියහොත් ජනාධිපතිවරණයට පැමිණීමට සූදානම් බවත් ඔහු සඳහන් කරයි.

කටානේ ආසන සංවිධායක ලෙස සිටි තමා සබරගමුවට ගොස් ජනතාවගෙන් වැඩි ම මනාප ලැබූ බව ද නැවත කටානට පැමිණ වැඩි ම මනාප ලැබූ බව ද රංජන් රාමනායක සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *