මට තියෙන්නේ ගම් 20 000ක් තනා පූජා කිරීමේ නැටුම විතරයි!

March 1, 2019 at 10:38 am | by admin

කවුරු කුමන නැටුම් නැටුවත් මට ඇත්තේ උදා ගම්මාන 20,000ක් සාදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ඉදිවූ 166 වැනි උදා ගම්මානය වන “සුනිලදියගම” ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙසේද පැවැසීය.

රටේ උදා ගම්මාන ඉදිවනවාද නැද්ද කියා තීන්දු කළ යුත්තේ රටේ ජනතාව වන ඔබයි. ඒ සඳහා ඉදිරියේදී ඔබේ අතට හැන්ද එනවා.

එවිට හැන්දෙන් බෙදන්නේ කා හටද කියා තීරණය කළ යුත්තේ ඔබයි. “සැමට සෙවණ” වගකීම භාර දෙන්නේ කාටද? එම ඉලක්කය කරා යන්නේ කවුරුන්ද? දුක් වි¼දගෙන, නිදිමරාගෙන අව්ව වැස්ස නොබලා, ජනතා සේවය කරන පොදුජන හද ගැස්ම හඳුනන යහපාලනයේ අප සමඟින් සිටිනවාද?

එසේ නොමැතිනම් යුද ජයග්‍රහණය පෙන්න පෙන්නා බෞද්ධාගම පිරිහෙන බවට බොරු කියා, රට කෑලිවලට කැඩෙනවා යැයි මිථ්‍යාවක් ඇති කර බොරුවෙන් රජ ගෙදරට යන්නට උත්සාහ කරන පිරිසට රටේ වගකීම දෙනවද? කියා තීන්දු කළ යුත්තේ ඔබ විසිනුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස