මට ඡන්දෙට නොමිනේෂන් දෙන්න ලිංගික අල්ලස් ඉල්ලුවා! – මදූෂා රාමසිංහ

November 25, 2020 at 8:53 pm | by emanisa.lk

මේ රටේ දුප්පත් දැරියන්ට සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම් ලබා දීම සඳහා තමා පසුගිය සමයේ විශාල වශයෙන් මුදල් යෙද වූ බව ලක්මව දියණියෝ සංවිධානයේ සභාපතිනි ප්‍රවීණ නිලි මදූෂා රාමසිංහ පවසයි.

වර්තමාන ආණ්ඩුව යටතේ කාන්තාව සුරක්ෂිත යැයි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිකුත් කරන විට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු එහි නිලධාරිනියකට පහර දෙන බව ද ඇය සඳහන් කළාය.

පසුගිය මැතිවරණයේ දී නාම යෝජනා දෙන්නට තමාගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව සඳහන් කළ රාමසිංහ වැඩි දුරටත් සඳහන් කළේ ඒ සියලු දෙනා මැතිවරණයෙන් පරාජය කර ජනතාව පාඩමක් ඉගැන්වූ බව ය.

අද (25) මාධ්‍ය හමුවකට එකතු වෙමින් මදූෂා රාමසිංහ මේ බව ප්‍රකාශ කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *