මටත් ඩීල් එකක් දාලා අගමැතිකම ගන්න තිබුණා…! සජබ කවුරුවත් ඇමැතිකමක්වත් ගන්නේ නෑ…! – සජිත්…

May 14, 2022 at 8:01 pm | by emanisa.lk

ජනාධිපතිවරයා සමග ඩීල් එකක් දමා තමන්ට අගමැති ධූරය ලබා ගැනීමට හැකියාව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් තමා ප්‍රතිපත්ති මත පිහිටා කටයුුතු කරන නිසා එවැනි කටයුතුවලට සම්බන්ධ නොවන බවට හෙතෙම අවධාරණය කළේය.

දැන් නැවත පත්වන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් බවත් එහි ඇමැති ධූර ලබා ගැනීමට සමගි ජන බලවේගයේ කිසිවකු නොයන බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද ආණ්ඩුවේ සියලු යහපත් යෝජනා සඳහා සහය ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

අද (14) සර්ව පාක්ෂික අරගලකරුවන් හමුවෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *