මගේ සහෝදරයා අහිංසකයි… ! එයා සහරාන් එක්ක කතා කරල ම නෑ…! – විමල්ට එරෙහිව බදියුදීන් CID යයි….

March 10, 2021 at 4:43 pm | by emanisa.lk

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේ ය.

ඒ ඊයේ (09) ඇමැති විමල් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ය.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා සාවද්‍ය චෝදනාවක් සමාජගත කරමින් සිදුකළ කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන එමගින් ඉල්ලා තිබේ.

දැනුම්වත්ව සමාජය නොමගට පෙළඹවීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රකාශය සිදුකළ ඇැමැති විමල් වීරවංශට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *