මගේ ඇඟේ දුවන්නේ ලෝක යුද්දෙටත් ගිය විරුවෙක්ගේ ලේ! පාස්කු ප්‍රහාරය ගැන මට කීවා නම් ප්‍රහාරය වළක්වනවා! – හිටපු ජනාධිපති

October 5, 2020 at 9:58 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබී තිබූ බුද්ධි වාර්තා පිළිබඳ තමා දැනුම්වත් කළේ නම් එම ප්‍රහාරය සිදුවීමට ඉඩ නොතබන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම කිසිදු තොරතුරක් පිළිබඳ අදාළ බලධාරීන් ප්‍රහාරයට පෙර තමන් දැනුම්වත් නොකළ බව හෙතෙම අවධාරණය කළේය.

තම පියා දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ රට වෙනුවෙන් සටන් කළ විරුවෙක් බවත් තම සිරුරෙහි දුවන්නේ එම විරුවාගේ රුධිරය බවත් ඔහු සඳහන් කළේය. තමා ත්‍රස්ත ප්‍රහාර පහකින් දිවි ගලවා ගත් බව ද හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.

තම පාලනය කාලය තුළ අන්තවාදය සහ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට බලධාරීන්ට උපදෙස් දුන් බව ද මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය. කෙසේ වුවද බලධාරීන් සිය නියෝග අනුව කටයුතු කර නොමැති බව ද ඔහු පිළිගත්තේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (05) සාක්ෂි දෙමින් හෙතෙම මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස