මගේ අමාත්‍යංශේ එක ආයතනයක් ඉතිරි වෙලා…! ඒකත් නාමල් ඇමැතිතුමාට ම දෙන්න…! – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් ජනපතිට කියයි…..

August 21, 2021 at 9:08 pm | by emanisa.lk

තමන්ගේ අමාත්‍යංශයට මේ වන විට විට ඉතුරුව ඇති එක ම ආයතනය ද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ම පවරා දෙන ලෙස දැනුම් දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කොට ඇත.

අවසන් වරට සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සතුව තිබූ ආයතන සහ විෂයයන් ගණනාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත පවරා තිබීම මේ සඳහා හේතුවී ඇති බව වාර්තා වේ.

මෙහි පිටපත් අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත යොමු කිරීමට ද රාජ්‍ය අමාත්‍ය කබ්රාල් පියවර ගෙන තිබේ. එහි සඳහන්ව ඇත්තේ තමන්ගේ තම අමාත්‍යංශට කැබිනට් අමාත්‍යංශයක් වීම පිළිබඳ සතුටු වන බවත් එහි ඔපරේෂන් රෑම් ආයතනය නාමල් රාජපක්ෂ වෙත පවරා දීමට අමතක වී ඇති නිසා එය ද පවරා දෙන ලෙස ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යටතේ ඉතිරිව ඇත්තේ ඔපරේෂන් රෑම් නම් ආයතනයක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස