මං කළ උපකාරවලට සජිත් මට උදේ හවස වඳින්න ඕන…! – අසේල සම්පත්…

June 8, 2023 at 12:11 pm | by emanisa.lk

ඡන්දෙන් පැරදි වත්තක සැඟවී සිටි සජිත් ප්‍රේමදාසට යළි සමාජයට එන්නට පාර කැපූයේ තමා බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් පසු සිවිල් සංවිධාන සියල්ල කැඳවා පළමු මාධ්‍ය සාකච්ඡාව කැඳවා නයා මැරුණු අහිකුණ්ඨකයා සේ සැඟව සිටි සජිත් ප්‍රේමදාස වෙනුවෙන් තමා කළ දේට ඔහු උදේ හවස තමන්ට වැඳිය යුතු බවයි, අසේල සම්පත් ප්‍රකාශ කළේ.

තමා අත්අඩංගුවට පත් අවස්ථාවේ කිසිවක් නොකළ සජිත් ප්‍රේමදාස තමා නිදහස ලැබූ පසු එය ද තමා කළ දෙයක් සේ රටට හුවා දක්වමින් නින්දිත හැසිරීමක් ප්‍රදර්ශනය කළ බව ද ඔහු සඳහන් කළේය.

තමා නිදහස් කර ගන්නට අතිවිශාල මුදලක් විපක්ෂ නායකයාට විදෙස්ගත ජනතාව එව්ව ද ඔහු තමන්ට රු. 50000ක් සහ දියණියට රු. ලක්ෂයක ලැප්ටොප් පරිගණයක් පමණක් ලබා දී මුදල් වංචා කළ බවට ද චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *