භූමදානය අයිතිය පිළිගත් අගමැති මහින්දට ස්තූතියි….! – ඉම්රාන් ඛාන්….

February 10, 2021 at 10:35 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩලබා දෙන බවට පොරොන්දු වූ අගමැති මහින්ද රාජපක්ෂට ස්තූතිවන්ත වන බව පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

කොරෝනා ආසාදනය වී මිය යන මෘතදේහ භූමදානයට ඉඩ ලබා දෙන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ලොව පුරා වෙසෙන කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ඇතුළු සියලු දෙනාට භූමදානයට ඉඩ ලැබෙන අතර ඒ සඳහා අවසර ලබා නොදී ඇත්තේ චීනයේ සහ ලංකාවේ පමණි.

පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මේ මස 22 වෙනි දා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ද නියමිත ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *