බෝඩ් උස්සං පාරේ ඇවිද්දට කමක් නෑ..! රට අඳුරේ තබන්න සූදානම් වෙන්න එපා…! – අගමැතිගෙන් වෘත්තීය සමිතිවලට රතු එළි…

June 8, 2022 at 7:46 pm | by emanisa.lk

“පාරේ යන්න, බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් රට අඳුරේ තබන්න එපා” යැයි වෘත්තීය සමිතිවලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

රට අඳුරේ තැබුවොත් ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්නැයි තමාට පවසන්න එපා යැයි කී අග්‍රාමාත්‍යවරයා අපට ප්‍රශ්න විසඳා ගැනීමට හදිසියක් නැත්නම් ⁣වෙනත් රටවල් උදව් කරාවි දැයි ප්‍රශ්න කළේය.

රට අඳුරේ තැබුවොත් ඉන්දියාව තෙල් දේවි යැයි වගකියන්නට නොහැකි බව කී රනිල් වික්‍රමසිංහ, ලංකාවට තෙල් දෙනවාට ඉන්දියාවේ ඇතැම් පාර්ශ්ව විරුද්ධ බව ද හෙළි කළේය.

හැම වෙලාවේම ජාත්‍යන්තර රටවල් කියන්නේ ‘තමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න. ඊට පසුව අප උදව් කරන්නම්”යනුවෙන් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *