බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල නෙමෙයි, දෙව්දත්…! ජනාධිපති ඒකවත් දන්නේ නෑ..! – සජිත්…

November 30, 2022 at 12:11 pm | by emanisa.lk

කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී අද (30) මේ බව පැවසීය.

අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත් බව පැවසූ විපක්ෂ නායකවරයා බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදි හෙයින් එය දේවදත්ත යනුවෙන් නිවැරදි විය යුතු බව ද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැති සබයේ දී ඊයේ (29) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *