බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු ප්‍රථම ධර්ම සංගායනාවට බුදුන් සහභාගී වුණා…! – හඳුන්නෙත්ති…

June 1, 2023 at 4:50 pm | by emanisa.lk

පළමු වෙනි ධර්ම සංගායනාව සඳහා බුදුන් වහන්සේ සිය සියලු ශ්‍රාවකයින් එකතු කළ බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

බුදු දහම පිළිබඳ එවක ලොව දැන සිටි සියලු දෙනා එම සංගායනවාට පැමිණි බව තමා බෞද්ධයෙකු ලෙස දන්නා බව ද ඔහු ප්‍රකාශ කරයි.

එලෙස කැඳ වූ භික්ෂූන් අමතා “චරථ භික්ඛවේ චාරිකං – බහුජන හිතාය බහුජන සුඛාය..
‘මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස චාරිකාවේ හැසිරෙව්” යනුවෙන් දේශනා කළ බව ද සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ දෙරණ නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

සුනිල් හඳුන්නෙත්ති එලෙස ප්‍රකාශ කළ ද ප්‍රථම ධර්ම සංගානාව පැවැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු බව බෞද්ධ ඉතිහාසයෙහි සඳහන් වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *