බුද්ධි අංශ ශක්තිමත් වුණා නම් මේ වගේ ම්ලේච්ඡ ප්‍රහාර එල්ල වන්නේ නෑ! – අගරදගුරුතුමා

April 21, 2019 at 1:23 pm | by admin

අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීම වසර දහයකට පෙර අවසන් වූයේ යැයි තමා සිතූ බවත් එය නැවත ආරම්භ වීම පිළිබඳ තම විරෝධය පළ කරන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

මේ පිළිකුල් සහගත ප්‍රහාර පිටුපස සිටින්නේ ලංකාවේ පිරිසක් ද ජාත්‍යන්තර පිරිසක් ද යන්න තමා නොදන්නා නමුත් මෙය සිදු වූ ආකාරය අනුව එය සංවිධානාත්මක ත්‍රස්ත සංවිධානයක වැඩක් විය හැකි බව අගරදගුරුතුමා සඳහන් කළේය.

විපතට පත් සියලු දෙනා වෙත ශෝකය පළ කළ කාදිනල්තුමා මේ අවස්ථාවේ නීතියට අතට නොගෙන සන්සුන් ලෙස හැසිරෙමින් නීතිය ක්‍රියාත්මක කොට වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට අවස්ථාව ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

මේවා කලින් සැලසුම් කර එල්ල කරන ප්‍රහාර හෙයින් ඒවා වැළැක්වීමට ආණ්ඩුව බුද්ධි අංශ ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් නොඑසේ නම් ජනතාවට තම ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවක් ඇති වන බවත් එහිමියෝ අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *