බැසිල් ජනාධිපති කරන්න බහුතර ජනතාව එක්ක පාරට බහිනවා…! – පොහොට්ටු කාර්යාලයේ සිට රටට ම කියයි…..

February 12, 2021 at 10:44 pm | by emanisa.lk

මේ රටේ අගමැති නොව ජනාධිපති වීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

යම් දවසක බැසිල් රාජපක්ෂ මේ රටේ රාජ්‍ය නායකත්වයට ඉදිරිපත් වන්නේ නම් කවුරු එපා කීව ද බහුතර ජනතාව සමඟ ඒ වෙනුවෙන් පෙළ ගැසෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

දැන් ආණ්ඩුවක් පවතින්නේ බැසිල් රාජපක්ෂ පොහොට්ටුව නිර්මාණය කළ නිසා බවත් ජනපති අගමැති සමඟ සිටිමින් පොහොට්ටුවට ශක්තිමත් නායකත්වයක් ලබා දෙන්නේ ද ඔහු බවත් තිස්ස කුට්ටිආරච්චි වැඩි දුරටත් අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (12) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.

https://www.youtube.com/watch?v=D2jn01jIFUM&feature=emb_logo

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *