බැසිල් කර්මාන්ත අමාත්‍යංශය අරලියගහ මන්දිරයට කැඳවයි….! ඇමැති විමල් නො එයි…!

July 15, 2021 at 5:05 pm | by emanisa.lk

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (15) පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

මෙම හමුව අරලියගහ මන්දිරයේ දී මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත.

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් ඇතුළු ක්‍ෂෙත‍්‍රයට අදාළ අනෙකුත් ආයතන ප‍්‍රධානීහු මෙන්ම මෙරට විවිධ කර්මාන්තවල නියැලෙන සංගම් නියෝජිතයෝ ද එක්ව සිටියහ.

කෙසේ වෙතත් එම හමුව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ එක්වී සිටියේ නැත. ඇමැති විමල් වීරවංශ ආරක්ෂක ලේකම්වරයා සමඟ දීඝවාපි පුදබිමේ උත්සව අවස්ථාවක් සඳහා එක්ව සිටිනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *