බැසිල් ආව කියල තෙල් මිල අඩු වෙන් නෑ…! පුළුවන් වුණ ගමන් අඩු කරනවා…! – සාගර…

July 13, 2021 at 11:14 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ යනු ඉතා ම කෙටි කාලයක් තුළ පක්ෂයක් නිර්මාණය කර එම පක්ෂයෙන් ජනාධිපතිවරයෙකු අගමැතිවරයෙකු බිහි කර දුන් අති දක්ෂයකු බව පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

එසේ ම ඔහුගේ ආර්ථික කළමනාකරණ හැකියාව ඉතිහාසය තුළ ඔප්පු කර ඇති බව ද සාගර කාරියවසම් පෙන්වා දෙයි.

ඉදිරි මාස දෙක තුන ඇතුළත බැසිල් රාජපක්ෂ කුමන තැනකට මේ රට ගෙන යන්නේ ද යන්න දැනගත හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

ඉන්ධන මිල අඩු කළ හැකි පළමු අවස්ථාවේ ම අඩු කරන බවත් එය හැරි පොටර්ගේ මැජික් පොල්ල මෙන් සියල්ල විසිහතර පැයෙන් වෙනස් කළ නොහැකි බවත් ඉතා කෙටි කාලයක් තුළ රටට ප්‍රතිඵල ලබා දෙන බවත් පොදුජන පෙරමුණු ලේකම්වරයා අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස