බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට…..! ඇමැති ධූරයේ දිවුරුම 08 වෙනි දා….! පිළිගන්න රට සරසයි…..!

July 6, 2021 at 4:15 pm | by emanisa.lk

ජයන්ත කැටගොඩ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා බැසිල් රාජපක්ෂ නම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබේ.

එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ 08 වන දා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇති බවය.

එදින ම හෝ ඊට පසු දින ඔහු අමාත්‍ය ධූරයේ ද දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වන අතර ප්‍රධාන නගරවල බැසිල් රාජපක්ෂ ආගමනය වෙනුවෙන් පිළිගැනීමේ පුවරු ද ප්‍රදර්ශනය කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *