බැඳුම්කර අලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට අරක්කු පෙරන්න යළි අවසර…..!

July 2, 2021 at 11:54 am | by emanisa.lk

මෙන්ඩිස් සමාගමේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අර්ජුන් ඇලෝසියස්ට අවසර දී ඇති බව ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් 2018 වසරේ සිට සුරා බදු දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබා දී තිබූ බලපත‍්‍රය අහෝසි කර තිබිණි.

හිඟ බදු මුදල් වාරික වශයෙන් ගෙවීම් කර පියවීමට සමාගම එකඟ වී ඇති බවත් ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවත් සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි.

2011 වසරේ දී ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් අත්පත් කර ගත්තේ රුපියල් බිලියනයක ආයෝජනයෙනි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට පත් වීමෙන් පසුව මෙන්ඩිස් සමාගම වසර දහයක කාලයක් සඳහා වෙනත් සමාගමක් වෙත පවරා තිබුණ ද පසුව එම සමාගම ඔහු විසින් නැවත ලබාගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *