බාල ඖෂධ සිද්ධියේ මහ මොළකරු ඇමැති කෙහෙළිය…! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…

December 28, 2023 at 6:37 pm | by emanisa.lk

හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය පිටුපස සිටින මහ මොළකරුවන් තිදෙනෙකු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

එම මහ මොළකරුවන් වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අතිරේක ලේකම් වෛද්‍ය රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර බවයි, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය වෙත මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *