බදූර්දීන් නව ඇමති ධුරයෙන් තව තිරිහන් වෙයි! විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්! (video)

March 22, 2019 at 7:25 am | by admin

විල්පත්තු රක්ෂිතයේ පරිවාර රක්ෂිතයක කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව පරිසර සංවිධාන පවසා සිටියි.

ඔවුන් මේ බව සඳහන් කළේ විල්පත්තු සංහාරය පිළිබඳව යළිත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි.

එහි නැවත පදිංචි කිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමි වී අවතැන් වූ පවුල් සඳහා වුවද මෙහි ඉඩම් ලබාදී තිබුණේ යුද්ධය නිසා ඉඩම් අහිමිවීමක් සිදුවී නොමැති පුද්ගලයන් හට බවත් නීති විරෝධි අයුරින් රක්ෂිත භූමියෙන් ඉඩම් අදාළ පවුල් වෙත ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරුණි.

මේ අතර විල්පත්තු වන සංහාරය පිළිබඳව තම අදහස් දක්වමින් පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රකාශ කර සිටියේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් විල්පත්තුවේ මුල්ලික්කුලම් ග්‍රාමය ආසන්නයේ ඇති රක්ෂිත වනාන්තර පද්ධතිය තුළ කර්මාන්තපුරයක් ඇති කිරීම සඳහා අක්කර 75කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගනිමින් තවත් වන සංහාරයක් සඳහා වන ව්‍යාපෘතිය මේ වන විටත් දියත් කර ඇති බවය.

ඊට අදාළ ඉඩම් ප්‍රමාණය නිදහස් කරන ලෙස ඉඩම් නිදහස් කිරීමේ කමිටුව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද උන්වහන්සේ පවසති.

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් මෙම ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය මැනුම් කටයුතු සිදුකරමින් ඇතැයි ද ආනන්ද සාගර හිමියෝ කියා සිටියහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *