බදු සහන ලබා දීමත් රුපියල පා නොකිරීමත් බරපතළ වැරදි….! යහපාලනේ වැඩි කළ රාජ්‍ය සේවක වැටුප් කෝටි 18 000 දෙන්නේ කොහෙන් ද..? – ජනපතිගේ බදු සහන සබ්රි ප්‍රශ්න කරයි…

April 26, 2022 at 12:45 pm | by emanisa.lk

නව ආණ්ඩුව පත්වීමත් සමඟ බදු සහන ලබා දීමත්, රුපියල අනවශ්‍ය ලෙස අල්ලා ගෙන සිටීමත් බරපතළ වැරදි තීන්දු බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඊයේ (25) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මේ අතර ඉකුත් යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන් සඳහා ලබා දුන් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි 1800 ක පමණ මුදලක් වැඩිපුර ගෙවන්නට සිදු වී ඇතැයි ප්‍රකාශ කර ඇති ඇමතිවරයා, එම මුදල ලැබෙන්නේ කෙසේදැයි කිසිවකුත් නොදන්නා බව සඳහන් කර ඇත.

රට පත්ව ඇති බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ රාත්‍රියේ පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *