බදු වැඩි කරන්න කීවේ IMF..! ඉදිරියට තව අමාරුයි..! – ජනපති…

October 20, 2022 at 6:31 am | by emanisa.lk

සෘජු බදු අයකිරීම් සියයට 20කට වඩා ඉහළ දැමිය යුතු බවට IMF සංවිධානය පෙන්වා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බදු සංශෝධනය පිළිබඳව සිදුකළ විශේෂ ප්‍රකාශයේදීය.

ඒ අනුව මාසිකව රු. 100,000ට වැඩි ආදායමක් උපයන පුද්ගලයින් මත ආදායම් බදු අයකිරීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එම තීරණයෙන් ඉවත්වුවහොත් IMF ආධාර නොලැබීමේ අවදානමක් පවතින බව ද ජනාධිපතිවරයා පවසයි.

IMF වෙතින් සහතිකයක් නොලැබුණහොත් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවලත් සහයෝගය ලබාදෙන රටවල්වලත් ආධාර නොලැබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එසේ වුවහොත් නැවත පෝලිම් යුගයක් ඇති විය හැකිවිය හැකි බවට ද ජනපතිවරයා අනතුරු ඇඟවූයේය.

ඉදිරියේදී පවතින තත්ත්වයටත් වඩා අමාරු කාලයක් ඇති වන බව ද හෙතෙම පෙන්වාදෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අකමැත්තෙන් වුවද සමහර තීරණ ගැනීමට සිදුවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *