බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියගේ මරණය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක්…! දැරියගේ සාක්ෂියත් බොරුවක්…!

July 24, 2021 at 10:56 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරියගේ මරණය සිය දිවි නසා ගැනීමක් බව පිළිගත නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

අද (24) හවස රිෂාඩ් බදියුදීන්ගේ නිවස පරික්ෂා කිරීමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා ඒ බව පවසා තිබේ.

මෙම දැරියගේ ජීවිතය කිසිවෙකු විසින් නැති කළේ ද යන බරපතළ සැකය මතුව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

එසේ ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මාධ්‍ය වෙත අනාරණය කර ඇත්තේ දැරිය ගිනි තබා ගත් බවට කට උත්තර ලබා දී ඇත්තේ ඇය විසින් නොව ඈ රෝහල වෙත රැගෙන ආ බදියුදීන් පවුලේ අයෙකු විසින් බවට වෛද්‍යවරු තහවුරු කර ඇති බව ය.

මේ අතර බදියුදීන් පවුල වෙනුවෙන් මෙයට පෙර ද මෙහෙකාරකමට දරුවන් 11 දෙනෙකු ගෙනැවිත් ඇති බවත් ඒ සියලු දෙනාට වැටුප් ලබා දී ඇත්තේ බදියුදීන්ගේ බිරිඳගේ පියාගේ ගිණුමින් බව අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස