ප.ච. රණවකගේ Lock Down පචෙත් මාට්ටුයි! (video)

May 13, 2020 at 7:48 am | by emanisa.lk

රට වසා දැමූ (lock down) කාල සීමාවේ රෝගීන් ගණන දහ ගුණයකට වඩා ප්‍රමාණයකින් වැඩි වූ එකම රට ශ්‍රී ලංකාව බවට එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක චෝදනා කළේය.

කෙසේ වුවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ මෙය ප.ච. රණවකගේ තවත් පචයක් බවය.

රට වසා දමා තිබූ කාල සීමාවේ සිංගප්පූරුවේ රෝගීන් 21 ගුණයකින් ද ඉඉන්දියාවේ රෝගීන් 142 ගුණයකිනි ද රුසියාවේ රෝගීන් 151 ගුණයකින් ද ඉහළ ගිය බව ගම්මන්පිල පෙන්වා දෙයි.

මෙවැනි බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ දේශපාලන තක්කඩියෙකු හෝ තුනේ පන්තියේ ගණන් නොදත් අයකු පමණක් බව ද ගම්මන්පිල වැඩි දුරටත් සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *