පොහොට්ටු මන්ත්‍රී සජබට එකතු වෙයි…!

September 5, 2023 at 10:30 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සමගි ජන බලවේගය සමග එක් වී තිබේ.

ඊයේ (4) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී ඔහු මෙලෙස සමගි ජන බලවේගය සමග එක් වූ බවයි එම පක්ෂයේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අසංක නවරත්න පාර්ලිමේන්තුවට පැමිණියේ 2020 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගනිමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *