පොහොට්ටු ජාතික ලැයිස්තුව එජාපයට….! අකිල වජිර රුවන් සාගල සහ රංගෙ පාර්ලිමේන්තුවට…!

May 14, 2022 at 12:14 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහට සිය පක්ෂයෙන් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර කිහිපයක් ලබා දීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

අගමැතිවරයාට පූර්ණ සහයෝගය ලබා දීමට ද එම පක්ෂය තීන්දු කර තිබේ.

පරිණත දේශපාලනඥයකු වන අගමැතිවරයාට පක්ෂ පාට භේද නොතකා රට ගොඩනැඟීමට සහාය ලබා දීමට සියලු පක්ෂ සහයෝගය ලබා දිය යුතු බවයි, එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ.

මේ වන විටත් අගමැතිවරයා විසින් ආර්ථික කටයුතු සොයා බැලීම සඳහා වජිර අබේවර්ධන, අකිල විරාජ්, රුවන් විජේවර්ධන, සාගල රත්නායක සහ පාලිත රංගෙබණ්ඩාරගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *