පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා සපුරාලිය යුතු සුදුසුකම් තුන…!

June 24, 2024 at 5:33 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයාට සුදුසුකම් තුනක් තිබිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිමාන්න පවසයි.

ඒ අනුව එම අපේක්ෂකයා ප්‍රතිපත්තිමය හර පද්ධතියට එකඟ කෙනෙකු විය යුතු අතර දිනවිය හැකි අපේක්ෂකයෙකු මෙන්ම දේශපාලන අනන්‍යතාවන්ට හා අභිමානයන්ට ගරු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ අද(24) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේ පැවැත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවට අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *