පොහොට්ටුව දෙබෑ කරමින් නව දේශපාලන පක්ෂයක්…! පක්ෂ නායකත්වයට ආණ්ඩුවේ ම ප්‍රබලයෙක්…!

May 8, 2022 at 10:35 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සිට මේ වන විට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී පිරිස ඉදිරි මහා මැතිවරණය අරමුණු කරගෙන නව දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීමට තීන්දු කර ඇත.

එහි නායකත්වය භාරගන්නා ලෙස වත්මන් රජයේ ප්‍රබල තනතුරක් හොබවන ජ්‍යෙෂ්ඨ නායකයකුට ආරාධනා කිරීමට සැලසුම් කර තිබේ.

පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ ලෙස ක්‍රියාත්මක වූ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ ඇතුළු සෙසු පක්ෂ නව දේශපාලන පක්ෂය සමඟ ගිවිසුම් ගත වී සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කර ඇතැයිද සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *