කෝප් කමිටුවේ සභාපතිවරයා පත්කිරීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ ඔවුන් තවමත් පාඩමක් ඉගෙනගෙන නොමැති බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
“ඒ පත්කිරීම ගැන අපි දිගටම කතා කළේ විපක්ෂයේ කෙනෙක් මේ කෝප් කමිටුවේ සභාපති විය යුතුයි කියලා. නමුත් ඒක වුණේ නෑ, ආණ්ඩුව මේක නැවත අරගෙන තිබෙනවා. අපට කනගාටුවක් තිබෙනවා, මොකද මේ කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවේ බුද්ධිමත්, හොඳට ඉගෙනගත්ත අය. මට තේරෙන්නෙ පොදුජන පෙරමුණ තවම පාඩම ඉගෙනගෙන නෑ වගේ.
තාම හිතාගෙන ඉන්නෙ ඒගොල්ලො, ඒගොල්ලන්ට ඕනෙ කෙනා පත්කෙරුවාම වැඩේ හරියයි කියලා. ඉතින් ඔහොම්ම තව කරගෙන යන්න කියන්න. තව පොඩි කාලයයිනෙ තියෙන්නෙ, මාස පහකට විතරනෙ තව යන්න වෙන්නෙ. ඒ කියනෙන් තාම ගුටි කාලාත් පාඩම් ඉගෙනගෙන නෑ.
මේ දේශපාලනය වැරදියි කියලා මිනිස්සු පාරට බැහැලා ජනාධිපතිව එළවලාත් පොදුජන පෙරමුණ තාම පිළිගන්නෙ නෑ. ඒගොල්ලො හිතන් ඉන්නෙ ඒගොල්ලන්ගෙ බලය, අපට ඕනෙ කෙනෙක් පත්කරනවා, තමුසෙලා ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. ඉතින් ඔහොම තව මාස පහක් කරගෙන යන්න කියන්න, එතකොට තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.”
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.