පොහොට්ටුව ඇමැතිලට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න ලෑස්තියි…!

September 3, 2023 at 9:25 am | by emanisa.lk

කැබිනට් අමාත්‍යවරුන් නිසි ලෙස තම වගකීම් ඉටු නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

“කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට විශ්වාසභංගය ගේන්නෙ වෛරීසහගතව නම් අපි ඒක පරාජය කරනවා.

හැබැයි ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඇමතිවරුන්ටත් අපි වගකීමෙන් කියනවා, තමන්ගෙ වගකීම හරියට ඉටු නොකළොත්, මේක තමන්ගේ බූදලයක් වගේ තියාගන්න ගත්තොත් ඇමතිවරුන්ට යම් අනතුරු හැඟවීමක් කරනවා. එතකොට විශ්වාසභංග ගේන්නෙ විපක්ෂය නෙවෙයි, ආණ්ඩුව ඇතුළෙන්මයි. ඒකත් කියන්න ඕනෙ.

ඇමතිවරුන්ගෙත් නිකම් ඉතිං කොකම් පාන අය ඉන්නවා නම් ඒගොල්ලොන්ට දැන ගන්න කියන්න ඕනෙ. ඒගොල්ලොන් දැනගන්න ඕනෙ තමන්ගෙ අමාත්‍යාංශයක වැඩකරන කොට රටේ මිනිස්සු වෙනුවෙන් ඒක කරන්න.”

රෝහිත අබේගුණවර්ධන මේ බව පැවසුවේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති රැස්වීමක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *