පොහොට්ටුවේ 90%ක් ඉන්නේ රනිල් එක්ක… නාමල්ට ඡන්දේ කරන්න මම ලෑස්ති නෑ…! – ප්‍රසන්න රණතුංග…

April 2, 2024 at 7:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 80-90%ක් පමණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ඉදිරියට යා යුතුය යන මතයෙහි සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් සිය සහාය ඔහුට ලබා නොදෙන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

නාමල් රාජපක්ෂට ඒ සඳහා තව කාලය ඇති බවයි, ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරන්නේ. පොදුජන පෙරමුණ එවැනි තීන්දුවක් ගතහොත් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පවසයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ප්‍රසන්න රණතුංග මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *