පොහොට්ටුවේ 134යි…මමයි..! එජාපයට පාර්ලිමේන්තුවේ ආසන 135යි…! – වජිර…

June 26, 2023 at 9:06 am | by emanisa.lk

අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සුදුසු සියලු දෙනාට සහන ලබා දීමට බව එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

“අස්වැසුම ගෙනල්ලා තියෙන්නෙ සුදුසු හැමදෙනාටම සහන දෙන්නයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වාර්තාවේ සඳහන් කරලා තියෙනවා ඩොලර් මිලියන එකසිය ගානක් වෙන් කරලා අස්වැසුම හරහා දුප්පත් ජනතාව ශක්තිමත් කිරීමට වැඩිම මුදල ලබාදීලා තියෙන බව. ලැබිය යුත්තන්ට ලැබේවි. නොලැබිය යුත්තන්ට නොලැබේවි. එය සාධාරණව විය යුතුයි.

දැන් බලන්න පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයට ආසන 55 යි. එජාපයට 1යි. එක කියන්නේ 135ක්. දැන් හිතනවද එජාපයට තියෙන්නෙ එකයි කියලා. ලොක්කා ඇතුළ හදලා තිබුණේ. මට තිබුණෙ ගිහින් බලන් ඉන්න විතරයි.”

එජාප සභාපති වජිර අබේවර්ධන මෙම අදහස් පලකළේ පසුගියදා (24) මහඒදණ්ඩ ප්‍රජා කේන්ද්‍රයේ පැවති කරන්දෙණිය එ.ජා.ප. බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *