පොහොට්ටුවේ ද්‍රෝහීන් අපේ මුතුන් මිත්තන් දිනාගත් නිදහස් රට චීනෙට පාව දුන්නා….! – චන්ද්‍රිකා…..

May 23, 2021 at 12:15 pm | by emanisa.lk

වසර 450ක බටහිර යටත්විජිත යුගය නිමා කරමින් 1948 ඩොමීනියන් නිදහස ද 1972 සම්පූර්ණ නිදහස ද දිනාගත් අපේ රට අද නැවත චීන කොලනියක් බවට පත්වෙමින් ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

වරාය නගර ආර්ථික කොමිසම් පනත ශ්‍රෙෂ්ඨාධීකරණ තීන්දුව ද නොතකා ව්‍යවස්ථා විරෝධී ආකාරයට සම්මත කරගත් බවටත් හිටපු ජනාධිපතිනිය චෝදනා කරයි.

වර්තමාන ශ්‍රීලනිප නායකත්වය පක්ෂයේ ප්‍රතිපත්ති සියල්ල අතහැර ශ්‍රීලනිපය පොහොට්ටුවේ වලිගය බවට පත්කර ඇති බවත් ඔවුන් ද වරාය නගර පනතට සහය දෙමින් රට පාවා දුන් බවත් චන්ද්‍රිකා බණ්ඩානායක අවධාරණය කරයි.

ඊයේ (22) ජනරජ දින සමරුවට එකතු වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *