පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නාමල්-බැසිල් දෙපිලක්…!

August 27, 2023 at 12:02 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂය තුළ බෙදීමක් ඇති වී තිබේ.

එක පාර්ශ්වයක් බැසිල් රාජපක්ෂ යෝජනා කරන අතර තවත් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යෝජනා කර ඇත.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට තරඟ කිරීමට තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම අකමැත්තක් දක්වා ඇති බව ද වාර්තා වෙයි.

ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බව පක්ෂයේ පිරිසක් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් තම අදහස පළ කර නැති අතර ඔහු වැඩිපුර කැමැත්තක් දක්වන්නේ විපක්ෂයට ගොස් එහි කාර්යභාරය සිදු කිරීමට බව ද දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *