ජුලි මස 07 වනදා අරලියගහ මන්දිරය තුළට ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 50 දෙනෙකුගේ ඡායාරූප පොලීසිය විසින් අද (20) මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
එම සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 0112 42 18 67, 076 347 7342 හෝ 1997 යන දුරකථන අංකවලට අමතා දැනුම්දෙන ලෙස පොලීසිය එහිදී මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත් මෙම ඡායාරූප ලැයිස්තුවේ සිටින සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර ඊයේ (20) පස්වරුවේ නුගේගොඩ පැවැති ජාතික ජන බලවේගයේ ජනරැලිය අමතා කතාවක්ද සිදුකරනු ලැබීය.