පොලිස් හමුදාව නිවටයින් කරන්න මම සූදානම් නෑ…! ත්‍රස්තවාදීන් සමරන සුමන්දිරන්ට STF ආරක්ෂා දෙන්නේ නෑ…! – ඇමැති සරත්…

February 10, 2021 at 11:04 pm | by emanisa.lk

පොලිස් නියෝග නොතකා උද්ඝෝෂණයකට සහභාගී වූ එම්.ඒ. සුමන්දිරන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දෙන නිවට තැනට තමා යටතේ ඇති පොලිසිය පත්කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

සුමන්දිරන්ට ජීවිත තර්ජන ඇත්නම් දෙදහසක් පමණ සහභාගී වූ උද්ඝෝෂණයක් සඳහා යාම නොකළ යුතු බවත් එසේ ගිය ද ඔහුට කිසිදු හානියක් නොවීමෙන් තහවුරු වන්නේ ඔහුට එවැනි තර්ජනයක් නොමැති බව යැයි ඇමැතිවරයා සඳහන් කළේ ය.

එම්.එ්. සුමන්දිරන් පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යටතේ සිටිමින් පොලිසියට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදායෙකු සැමරීමට ද සහභාගී වූ බවත් ඇමැති වීරසේකර වැඩි දුරටත් සඳහන් කළේ ය.

සුමන්දිරන්ට යහපාලන ආණ්ඩුව ලබා දී තිබූ විශේෂ ආරක්ෂාව නැවත ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (10) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අවස්ථාවේ ඇමැති සරත් වීරසේකර මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස