පොලිස් ලොක්කන්ගේ ප්‍රකාශය හෙළා දකිමින් සර්වාගමික ප්‍රකාශයක්….!

August 25, 2021 at 4:48 pm | by emanisa.lk

උසස් පොලිස් නිලධාරීන් පිරිසක් පසුගිය දා මහනුවරට පැමිණ මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව සඳහන් කරමින් සර්ව ආගමික නායකයින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්වී ඇති බව ඉන් පෙන්වා දෙයි.

එම පොලිස් නිලධාරීන් සිංහල බෞද්ධයන් වීම නිසා ඔවුන් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවක් අදාළ ප්‍රකාශයෙන් හැඟී යන බව ද එම නිවේදනයෙහි දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස