පොලිස්පති ධූරය හිස් වීමෙන් පොලිසිය පඹගාලක…!

June 30, 2023 at 10:41 am | by emanisa.lk

පොලිස්පති සී.ඩි. වික්‍රමරත්නගේ ධූර කාලය ඉකුත් 26 වැනි දා සිට අවසන් විය.

විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇත.

එහි ගෘහ භාණ්ඩ හැර සෙසු සියලු භාණ්ඩ ඉකුත් 27 වැනි දා සිට ම ඉවත්කර ගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පොලිස්පති ඉකුත් 26 වැනි දා සිට සිය කාර්යාලයට පැමිණ නැති අතර කිසිදු ලේඛනයකට අනුමැතිය ලබා ගැනීමට සහ රාජකාරි සහ රාජකාරි වෙනුවෙන් උපදෙස් ලබාදීමට පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *