පොත් පාසල් උපකරණ ඖෂධ වැට් බද්දෙන් නිදහස් කරනවා…! – ජනපති..

March 6, 2024 at 11:19 am | by emanisa.lk

ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී අද (06) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

හැකිළී තිබුණ ආර්ථිකය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ද පැවසු ජනාධිපතිවරයා අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බව ද කියා සිටියේය.

2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට රටේ ආර්ථිකය යයි පිබිදීම ඇරඹුන බවත් පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව 2024 වසරේ දී සියයට 2%-3% ක් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර ඇති බවත් කීවේය.

2022වසරට වඩා 2023 වසරේ දී රාජ්‍ය ආදායම සියයට 50%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකිවූ බවත් ඒ අනුව රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුන හතරක් පුරා ගෙවීමට නොහැකි වූ සියලු හිග මුදල් ගෙවා අවසන් කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *