පේරාදෙණි හි. උපකුලපතිට සිසුන්ගෙන් ප්‍රහාරයක්…!

December 11, 2022 at 2:13 pm | by emanisa.lk

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පදිංචි විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නිල නිවස ඉදිරියට ඊයේ (10) රාත්‍රී 10ට පමණ පැමිණ ඇති විශ්වවිද්‍යාල සිසුන් 300 කට අධික පිරිසක් විරෝධතාවක් පවත්වා නිවසට පහර දි හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී පේරාදෙණිය පොලිසිය පොලිසිය කියයි.

මෙම පහරදීමට හේතු වී ඇත්තේ විශ්වවිද්‍යාල භූමියේ තිබූ විශ්ව විද්‍යාල සිසුන්ට අයත් යතුරු පැදි දෙකක් අනතුරට පත් කොට හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා පැදවූ බව කියන මෝටර් රථයෙන් පලාගිය බවට චෝදනා කරමිණි .

පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් පැමිණ සිසුන් විසුරුවා හැර අනතුර සිදු කළා යැයි කියන හිටපු කුලපතිවරයාගේ පුතා පොලිස් බාරයට ගෙන තිබේ.

එම අවස්ථාවේ දී සිසුන් පහරදුන් බව සඳහන් කරමින් හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන අතර මහාචාර්යවරයාගේ පුත්‍රයා ද පහරකෑමට ලක්ව මහනුවර ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *