පුරා වස්තු සංරක්ෂණය අඩාලයි..! රජය ප්‍රතිපාදන නිදහස් කර නෑ…! පෞද්ගලික පරිත්‍යාග ගන්නත් බෑ…!

June 17, 2023 at 5:20 pm | by emanisa.lk

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2023 වසර සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිදහස් කර දී නැති පසුබිමක පුරාවිද්‍යා පනත ආරක්‍ෂා කරලීමට බැඳී සිටින පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සිය පදවියෙන් අස්වීමට සිදු වීම ගැන දැඩි කනස්සල්ල පළකරන බව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව අවධාරණය කරයි.

එහි සභාපති පුරාවිද්‍යාඥ මහාචාර්ය යමුනා හේරත් හා ලේකම් පුරාවිද්‍යාඥ සුජාතා පෙරේරා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් පිරිසක් සමග පැවැත්වූ සංවාදයේදී කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ වූ කරුණු ඇතැමුන් වැරදි ලෙස අර්ථ ගැන්වීමට ප්‍රයත්න ගෙන ඇති බව ද මහාචාර්ය අනුර මනතුංග මෙම තත්ත්වයන් තුළ පුරවිද්‍යා පනත ආරක්‍ෂා කරලීමට යත්න දරා ඇති බව ද එහි දැක්වේ.

උද්ගතව ඇති තත්ත්වය මත දැනට පුරාවිද්‍යා කටයුතු කරනුයේ සීමිත මුදල් ප්‍රතිපාදන ඔස්සේ බව ද එමගින් අවධාරණය කර තිබේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කොට තිබුණේ පුරාවිද්‍යා කැනීම් සඳහා පෞද්ගලික පරිත්‍යාග ලබා නොගන්නා ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *