පුද්ගලයින් රට යවන බව පවසා මුදල් වංචා කරලා….! සාධාරණ සමාජයේ අමිල හිමිට උසාවියෙන් අධි චෝදනා…!

April 29, 2022 at 9:18 am | by emanisa.lk

පුද්ගලයින් රට යවන බව පවසා මුදල් වංචා කළේ යැයි චෝදනා ලබන, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමිට පානදුර මහාධිකරණය ඊයේ (28) අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

දඹර අමිල හිමි හා ජනිත් වෙල්ලාල යන අය විත්තිකරුවන් කරමින් නීතිපතිවරයා විසින් වෙන වෙනම පැවරූ නඩු හතරක් ප්‍රකාරව මේ චෝදනා පත්‍ර භාර දුන්නේය.

ඒ යටතේ දඹර අමිල හිමියන්ට එක් නඩුවක් පවරා තිබිණි. දණ්ඩ නීති සංග්‍රහයේ 403 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතුව වරද කිරීම යන චෝදනා විත්තිකරුවන්ට ඉදිරිපත් කර තිබිණි.

ඊයේ මේ නඩු 4 පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර ඉදිරියේ කැඳවීමෙන් පසුව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ අජිත් පී පෙරේරා හා නීතිඥ රොෂාන් දෙහිවල පෙනී සිටි අතර, නඩු හතරෙහි පූර්ව නඩු විභාගය ජූනි 16 හා ජූලි 26 දිනවලට නියම කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *