පැයෙන් කොවිඩ් නිට්ටාවට සුව කරන නාවලපිටියේ රෝහල…!

August 27, 2021 at 3:06 pm | by emanisa.lk

මහනුවර ඇසළ පෙරහරේ රාජකාරි කළ පොලිස් නිලධාරිනියකට හා පොලිස් කොස්තාපල්වරයෙකුට නාවලපිටිය රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණයකින් සිදුකර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවට ඇතුළු කර තිබේ.

අනතුරුව පැයකට පසුව කොවිඩ් වැළඳී නොමැති බව පවසා කොවිඩ් වාට්ටුවෙන් පිටතට ගෙන ඇත.

නාවලපිටිය පොලිසියේ පරිපාලන අංශයේ රාජකාරි කරන කාන්තා පොලිස් පරීක්ෂකවරියක සහ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක මෙම සිදුවීමට මුහුණ දී තිබේ.

මේ දෙදෙනා මහනුවර ඇසළ පෙරහැර රජකාරි සඳහා යොදවා තිබූ අතර පෙරහැර නිම වීමෙන් පසු නැවත සිය රාජකාරියට අනියුක්ත වීමට පෙර මෙම පරීක්ෂාව සිදුකර තිබිණි.

පැයක් පමණ කොවිඩ් වාට්ටුවකට නිරාවරණය වූ ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා නිවෙස්වලට යවා ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස