පාස්කු බෝම්බ සභාව තවත් ඉහළ බුද්ධි නිලධාරියෙක් හෙළිකරන්න සූදානම්!

June 17, 2019 at 1:03 pm | by emanisa.lk

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවීමට සූදානම් වන බව වාර්තා වෙයි.

කෙසේ වුුවද සක්‍රීය සේවයේ යෙදෙන කිසිම ආරක්ෂක අංශ නියෝජනය කරන රාජ්‍ය නිලධාරියකු පාස්කු කාරක සභාවට කැඳවීමට තමන් ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය නිසා අර්බුදයක් මතුව තිබේ.

රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම පොලිසිය ද පවතින්නේ ජනාධිපතිවරයා යටතේ නිසා යම් හෙයකින් අදාළ නිලධාරියා කාරක සභාවේ නියෝග අනුව එහි පෙනී නොසිටියහොත් පොලිසිය ලවා ඔහු එහි කැඳවීමට ද හැකියාවක් නොමැත.

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර මෙම කාරක සභාව නිසා මතුව ඇති ගැටුම නිසා මේ වන විට නිලධාරීන් ද දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මෙයට පෙර පාස්කු කාරක සභාවට කැඳවා ප්‍රශ්න කළ අතර අනතුරුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

මෙම කාරක සභාවට මහා සංඝ රත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය ඇතුළු බොහෝ පාර්ශවවලින් සිය විරෝධය ප්‍රකාශ කර ඇති අතර මෙම කාරක සභාව වහාම නතර කරන ලෙස කතානායකට පැමිණිලි කිරීමටත් එය ඉටු නොවන්නේ නම් අඛණ්ඩ විරෝධතාවක් දියත් කිරීමටත් ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර ඇත. කෙසේ වුවද පසුගියදා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිත පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී පාස්කු කාරක සභාව දිගටම පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස