පාස්කු ප්‍රහාරය නිසා බස් කර්මාන්තය නට්ටං! පහුගිය දවස් 12ට මිලියන 1000ක් පාඩුයි! ලීසිං සහනයක් දෙන්න!- ගැමුණු

May 4, 2019 at 10:01 am | by admin

පාස්‌කු ඉරිදා එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයත් සමග මගී ජනතාව පෞද්ගලික බස්‌රථවල ගමන් කිරීම අඩුවීමෙන් බස්‌රථ හිමියන්ට මිලියන 1000 ක (බිලියන 01 ක) පාඩුවක්‌ සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (03 දා) පැවසීය.

මෙම මිලියන 1000 ක පාඩුව පසුගිය 21 වැනිදා සිට ගෙවී ගිය දින 12 ක කාලය තුළ සිදුවී තිබෙන බවත් කී ඒ මහතා මේ වනතෙක්‌ ජනතාව නිසි ලෙස බස්‌රථවල ගමන් කිරීමට නොපැමිණෙන බවද කීය.

මේ වන විට බස්‌රථ හිමියන්ට ආදායමක්‌ නොලැබුණත් බස්‌රථ රියැදුරන් සහ කොන්දොස්‌තරවරුන් කර්මාන්තයෙන් ඉවත් වී යැම වළක්‌වා ගැනීම සඳහා ඔවුන්ගේ වියදම් පියවා ගැනීමට බස්‌රථ ධාවනය සිදුකරගෙන යන බවද ඔහු කීය.

බස්‌රථවලට අදාළ ලීසිං වාරික ගෙවාගෙන යා නො හැකි බවත් ඒ නිසා සහනයක්‌ ලබාදෙන ලෙස මුදල් ඇමැති මංගල සමරවීර මහතාගෙන් තමා බස්‌රථ හිමියන් වෙනුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය. බස්‌ සංගම් විසින් ද බස්‌රථ ලීසිං සඳහා සහනයක්‌ ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *