පාස්කු ප්‍රහාරය වගේ සිදුවීම් නැවත සිදුවන්න ඉඩ තියන්නේ නෑ..! – ජනපති..

April 9, 2023 at 8:45 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කැප වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, එම කටයුතු කිසිදු බලපෑමකින් තොරව අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණුවලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බව ද පාස්කු දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *