පාස්කු ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදීන් නෙමෙයි…! – කතෝලික සභාව…

April 9, 2023 at 8:14 am | by emanisa.lk

පාස්කු ඉරු දින ත්‍රස්ත්‍ර ප්‍රහාරය අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් සිදුකළ බවට ප්‍රකාශ කළ ද එම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවට ඇතැම් දේශපාලඥයින්ගේ ප්‍රකාශවලින් පිළිබිඹු වන බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ පියතුමා පවසයි.

අදට (09) යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඒ බව කියා සිටියේය.

“පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරණය ඉටු වූවායි කියලා අවුරුදු 4ක් ගතවෙද්දි කතෝලික ජනතාවටවත් ශ්‍රී ලාංකිය ජනතාවටවත් සෑහිමකට පත්වෙන්නට බැහැ. ඒ ප්‍රහාරයට සාධාරණය ඉටුකරන්න කොමිසම් 3ක් පත්කෙරුවා. මේක පිටුපස යම්කිසි කුමන්ත්‍රණකාරී දෙයක් සිදුවෙනවා. යම්කිසි කෙනෙක් බලයට පත්වෙන්නට ‌මේක ඈඳ ගත්තා. මේක උදවු කරගත්තා.

ඒ කියන්නේ මුස්ලිම් අන්තවාදයට එහා ගිය දේශපාලන අතපෙවීමක් තුළ සිදුවුණ දෙයක් කියලා ප්‍රකාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරුසේන මහතා පසුගිය දවසක කියනවා, මේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ෆයිල් භාරදීලා තියෙනවා, ඒ ෆයිල්වල යම් යම් රහසිගත දේවල් තියෙනවා, ඒවා එළියට දාන්න කියලා ගෝඨාභයට කියන්න කියලා.

හොඳටම පැහැදිලියි. මේ අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් සිදුකළ දෙයක් විතරක් නෙමයි ඊට එහා ගිය දේශපාලන හස්තයක් බලය ලබාගැනීම හෝ වෙන කාරණයක් සම්බන්ධයෙන් ඒ අය කරපු ක්‍රියාවක් කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *